Tuesday, July 19, 2011

අජිත් බණ්ඩාරට 19 වන තැන



බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හී පැවත්වෙන පස්වන ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා සූරතාවලියේ මැරතන් තරගයට සහභාගි වූ අජිත් බණ්ඩාර 19 වන ස්ථානයට පත් වුණා.ඉතා දුර්වල කාලයක් වූ පැය 02:34:33 ක කාලයක් වාර්තා කළ අජිත්,ජූනි 04 දා පැවති ජාතික ක්‍රීඩා මැරතන් උළෙල ට සහභාගි වී යථා තත්ත්වයට පත් වීමට ප්‍රමාණවත් කාලයක් ගත කර මෙම තරගයට සහභාගි වූවේ ද යන්න සිතා බැලිය යුතු වෙනවා.එය ඔහු ගේ පෞද්ගලික සෞඛ්‍යය කෙරෙහි උචිත නොවන ක්‍රියාවක් බව ද මෙහි දී සිහිපත් කළ යුතු වෙනවා. මෙරට ක්‍රීඩා බලධාරීන් මෙන්ම,ආරක්ෂක අංශ වල මෙම තරග උළෙලේ මෙහෙයුම් කටයුතු භාරව සිටි පිරිස් ද අජිත් ව නිසි අයුරෙන් මෙම උළෙල ඉලක්ක කර නඩත්තු කරේනම් ඇතැම් විට මෙහි ප්‍රථම ස්ථානය දිනා ගත් ප්‍රංශයේ ටම්බටේ න් ගොයි පැට්රි ගත් පැය 2:18:17 ක කාලය හා සසදා බලද්දී අජිත් ට යම් බලපෑමක් කිරීමට තිබුණා.

මෙම තරගයේ දෙවන ස්ථානය ද ප්‍රංශයට ම හිමි වූ අතර එය හමිදුම් රසීඩ් විසින් දිනා ගත් අතර ‍පැය 2:20:43 ක කාලයක් ගත කළකෙන්යාවේ කොස්ගෙයි පෝල් තෙවන ස්ථානය දිනා ගත්තා. කාන්තා මැරතන් තරගයේ ජයග්‍රහණය කොරියාවේ කිම් කුම් ඕකේ ට හිමි වූ අතර ඇය ගත කළ කාලය පැය 2:35: 22 ක්.පැය 2:36:19 ක කාලයක් වාර්තා කළ චීනයේ වෙයි යැන් දෙවන ස්ථනයත් නැමීබියාවේ ජොහැන්නස් පොලරිනා පැය 2:37,18 ක කාලයක් ගත කරමින් මෙහි තෙවන ස්ථානයත් දිනා ගනු ලැබුවා. ඡායාරූපවලින් දැක්වෙන්නේ කාන්තා සහ පිරිමි අංශවල ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන දිනූ ජයග්‍රාහකයින් තිදෙනායි.